වැල්ලවත්ත මුහුදු මාවතේ දී පුද්ගලයන් 04 දෙනකු හප්පා පලායමින් සිටි මෝටර් රථයක් දෙහිවල පොලිස් මාර්ග බාධකයේදී අද (6) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අනතුරින් එක් පුද්ගලයකු මරණයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක් තිදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ. අනතුර සිදු කරනු ලැබූ මෝටර් රථය රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණ ඇති අතර එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙනෙනා බීමත්ව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.
වැල්ලවත්ත රාජසිංහ මාවතේ දී මෝටර් රථය යතුරපැදියක ගැටී පසුව මාරගයේ ගමන් ගනිමින් සිටි පදිකයින් තිදෙනෙකුද යටකර නොනවත්වා පළා යමින් සිටියදී දෙහිවල පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩුවෙල සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නොමැති බව වාර්තා වේ.










