ඇල්ල කඳුවැටියේ ගින්නක් – සංවේදී පරිසර පද්ධතියක් විනාශයේ

ඇල්ල කඳුවැටියේ ගින්නක් – සංවේදී පරිසර පද්ධතියක් විනාශයේ

රාවණා ඇල්ල පිහිටි ඇල්ල රොක් කඳු පද්ධතියේ ඊයේ (05) පස්වරු 6.30ට පමණ ඇතිවූ ගින්නකින් මේ වනවිට එම කඳුවැටියේ විශාල ප්‍රදේශයක් ගිනි ගනිමින් ඇති බව වාර්තා වේ.

ගින්න පැතිර යන ප්‍රදේශය රාවණාඇල්ල අභය භූමියට අයත්වන අතර ගින්න හේතුවෙන් රාවණා ඇල්ල අවට ප්‍රදේශයම විනාශ වී ඇති අතර මේ වනවිට ගුවන් හමුදාවට අයත් යානා මගින් ගින්න නිවීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

පොලිසිය, යුද හමුදාව, වන ජීවී නිලධාරින් හා ආපදා කළමණාකරන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින නමුත් ගින්න පැතිර යන අතැම් ස්ථානයන් දැඩි ප්‍රපාත සහිත ලඟාවීමට අසීරු තත්වයක පවතින බව ඇල්ල පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn