ඉකුත්දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද යෝජිත කොළඹ වරාය බටහිර පර්යන්තය (WCT) ඉන්දියානු අදානි සමාගම ප්රමුඛ ව්‍යාපාරික හවුලකට පැවරීම යනු කොළඹ වරාය සහමුලින්ම අවසන් කිරීමක් බව ඒ පිළිබඳව අදහස් දක්වන්නෝ පවසති. මීට පෙර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කෙසේ හෝ ඉන්දියානු අදානි සමාගමට පැවරීමට ආණ්ඩුව උත්සාහ ගනු ලැබුවද ඊට එරෙහිව වරාය වෘත්තීය සමිති 23ක් සමග එක් වූ මෙරට බහුජන ව්‍යාපාරය සමත් විය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය යනු මීටර් 1,400ක් දිග මීටර් 20ක් ගැඹුරු දකුණු කොළඹ වරාය සතු විශාලතම පර්යන්තයයි. රෙමටට වාර්ෂිකව පැමිණෙන බහාලුම් අතුරින් 82.7%ක් අයත් වන්නේ ප්රතිඅපනයනයටයි. ශ්‍රී ලංකාව වෙත ලැබෙන්නේ මුළු බහාලුම් ප්‍රමාණයෙන් 17.3%ක් ලංකාවේ පරිභෝජනයට ගැනෙන බවයි වාර්තා වන්නේ. නැගෙනහිර පරියන්තය බේරාගැනීම පිළිබඳ සටනේදී ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේ, එම 82.7%ක සමස්ත ප්‍රති අපනයන ප්‍රමාණයෙන් 66%ක් යොමු වන්නේ ඉන්දියාවට බවයි. ඒ සා විශාල ප්‍රතිඅපනයන බහලුම් වෙළෙඳපොළ ඉන්දියානු වෙළෙඳ අධිකාරියක් වෙත ලබා දීම යනු මෙරට ප්‍රතිඅපනයන ආදායම ශ්‍රී ලංකා වරාය අධිකාරියට අහිමි කිරිමේ සැලසුමක් බවයි මේ පිළිබඳව අප කළ විමසීමේදී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසුවේ.
“බටහිර පර්යන්තය ඉන්දියාවට දීලා නැගෙනහිර පන්නය අපිට තිබුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. අනෙක මේ ගැන ආණ්ඩුවේ අය කියන්නේ මේක ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ක අපේ රට අත්සන් කරපු ගිවිසුමක් කියලයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ, මේක මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී අත්සන් කළ ගිවිසුමක් කියලයි. මේ අය කියන්නේ මේ ගිවිසුම රනිල් වික්‍රමසිංහ පාලනයේදී අත්සන් කළ ගිවිසුමක් කියලයි. කවුරු කොහොම කිවිවත්, මේ ගිවිසුම කියන්නේ බැංකුවක් එක්ක අක්සන් කළ ගිවිසුමක්, ආණ්ඩුව බලය ගන්න කොට කිව්වේ, විකුණපු දේවලුත් බලය යොදලා ආයෙමත් මේ රටට ගන්නවා කියල නේ, ඉතින්, ඇයි දැන් ආණ්ඩුව බැංකුවක් එක අත්සන් කරපු ගිවිසුමකට මෙච්චර දින විදිහට රාජ්‍ය දේපළ විකුණන්න හදනේ”යි මහු විමසා සිටියේය.
“අපි කියන්නේ බටහිර පර්යන්තයත් රාජ්‍ය දේපළක් විදිහටම සංවර්ධනය කරන ලෙසයි. ඒකට ඉක්මන් වීමේ තත්වයක් නැහැ. දැනට යොදාගෙන තියෙන ආකාරයට නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරිමෙන් අනතුරුව බටහිර පර්යන්තයත් අපට සංවර්ධනය කරන්න පුළුවන්.” යැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
“කවුරු අත්සන් කළත් රටේ දේපළ සම්බන්ධව අත්සන් කරලා තියෙන්නේ, දේශද්‍රෝහී ගිවිසුමක්. ඒ නිසා දේශප්‍රේමීන් විදිහට ඉන්න කවුරුන් හෝ ඉන්නවා නම්, අපි ආරාධනා කරන්නේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ජාතිය සතු කළා වගේම ඒකාබද්ධ අරගලයකින් බටහිර පර්යන්තය කියන රාජ්‍ය දේපළත් ආරක්ෂා කර ගන්න එවෙමු කියන එක” යැයි සම්මත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානයේ සඳහන් කළේය.
ලංකා සතිඅන්ත ජාතික පුවත්පත – සිසිර යාපා










