කොරෝනා; බදුල්ලේ පිළිකා වාට්ටුවත් වහයි… 34ක් ආසාදිතයි…

කොරෝනා; බදුල්ලේ පිළිකා වාට්ටුවත් වහයි… 34ක් ආසාදිතයි…

කොවිඩ් – 19 හේතුවෙන් බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව මුළුමනින්ම වසා දමා තිබේ. එම රෝහලේ පිළිකා වාට්ටුවේ රෝගීන්, වෛද්‍යවරුන් ඇතුළු 34 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පල වේ.

මීට පෙරද එම රෝහලේ වාට්ටු කිහිපයක් කොවිඩ් – 19 හේතුවෙන් වසා දමා තිබිණි.

මෙම 34 දෙනා අතර මේ අතර වෛද්‍යවරයෙක්, කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්, රෝගීන් හා රෝගින් බලාගැනීමට සිටි අයද වෙති.

පසුගිය 02 වනදා මේ වාට්ටුවේ හෙදියකට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත් අතර තවත් හෙදියක් හා කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකු හා රෝගියෙක් ආසාදිතයින් බව ඊයේ (04) හඳුනා ගැණිනි.

මේ තත්වය මත සිදුකළ PCR පරික්ෂණවලදී අද (05) දින අලුතින් 29 දෙනෙකු මේ වාට්ටුවෙන් ආසාදිතයන් බව හදුනාගෙන තිබේ.

මේ හේතුවෙන් පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn