කොවිඩ් එන්නත පිළිබඳව සමාජයේ පැතිර ඇති විවිධ මතවලට බිය වී තමාට ලැබෙන අනගි අවස්ථාව මඟහැර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.
ඒ මහතා මෙසේ කීවේ දරුවන් ඉපදෙන මොහොතේම ලබාදෙන එන්නතද කොවිඩ් – 19 සඳහා නිර්දේශ කර ඇති එන්නත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත වූ හා විද්‍යානුකූලව තහවුරු කළ ආකාරයේම එන්නතක් බවත් කොවිඩ් එන්නත පිළිබඳව වැඩිහිටියන් බහුතරයක් මීට අනිසි බියක් දක්වන්නේ ඇයිද යන්න ගැටලුවක් බවත්ය.
සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදනයේදී පර්යේෂණ මට්ටමේදීම සපලතාවන් හා අතුරු ආබාධ ගැන අවධානය යොමු කරන අතර එහිදී පර්යේෂණ අවස්ථා අදියර කිහිපයක් සිදුකරන බවත් ඒ අනුව ස්වේච්ඡාවෙන් යම් යම් කණ්ඩායම්ද අදියර කිහිපයකින් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන බවත් නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ වනතෙක් කොවිඩ් තුරන් කිරීමට භාවිත කරන එන්නත්වලින් ගැටලු මතු වී නොමැති බැවින් ඒ පිළිබඳ අනිසි බියක් චකිතයක් ඇති කරගත යුතු නැතැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත් – මව්බිම










