අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 356ක්

අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 356ක්

අද (03) දිනය අවසන් වනවිට කොවිඩ් – 19 සාදිතයින් 356 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ.

එම ආසාදිතයින් අතරින් 335 දෙනෙකුම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.

අනෙක් 21 දෙනෙකු හමු වී ඇත්තේ විදේශයන්හි සිට පැමිණි අයගෙනි.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 80,044ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 3,305 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 84,226කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 484කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්