කුරුණෑගල නගරාධිපතිත් ඥාති සග්‍රහයේ…

කුරුණෑගල නගරාධිපතිත් ඥාති සග්‍රහයේ…

පොහොට්ටු පක්ෂයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ සිය දේශපාලන බලය උපයෝගී කරගෙන ඥාති සංග්‍රහ පවත්වමින් සිටින බව වාර්තා වේ.

කුරුණෑගල බස් නැවතුම්පොළ හිස් අවකාශයේ කඩ කාමර ඉදිකරගැනීම සඳහා එමභූමිය පිරිසක් වෙත ලබාදීමට නගර සභාව තීරණය කර ඇති අතර එම පිරිස අතරට නගරාධිපතිවරයාගේ සහෝදරයා වන ජනක සංජය විතාරනද සිටී.

ඊට අමතරව නගරාධිපතිගේ ඥාතිවරියක වන ආර්.පී නිලූකා සංජීවනී, වැහැර කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී ධම්මික නන්දලාල් අතුකෝරලගේ පුතා ඩිල්ෂාන් ලක්ෂිත අතුකෝරල, නරාධිපතිගේ පෞද්ගලික කාර්යමණ්ඩල සාමාජික සලංක රෝලන්ගේ නැගනියක වන උදේෂිකා මනෝරි වික්‍රමතිලක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රී බී.ඒ සුසන්තගේ පුතා බී.ඒ සුදිල්ක ලංකා යන අයටද මෙහි කඩ කාමර ඉදිකරගැනීමට අවස්ථාව ලබා දී ඇත.

කුරුණෑගල නගරයේ බස්රථවල ජංගම වෙළඳාමේ නිරතවූ පිරිසක් සිටි අතර පසුව, පවතින කොවිඩ් වසංගත තත්වයත්, බස්රථවල වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් වන නීති රීතිත් හේතුවෙන් එම බොහෝ ව්‍යාපාරිකයන්ට මේ වනවිට සිය ව්‍යාපාර ආදායම අහිමි වී ඇති බැවින් එවැනි අසරණව සිටින නමුත් අවශකාශයක් තිබේනම් වෙළඳාම් කිරීමට සූදානම් පිරිස් තෝරා ලබාදීම සුදුසු බවත් මෙලෙස තම ඥාතීන්ට හිතවතුන්ට විශේෂ කොට සැලකීමට නගර සභාවේ බලය යොදාගෙන ව්‍යාපෘති ආම්රම්භ කිරීම සදාචාර නොවන බවත් ප්‍රදේශවාසීහු පවසති.

නගරයේ ජංගම වෙළඳාමේ නිරතව සිට මේ වනවිට වෙළඳාම් අහිමිව සිටින ව්‍යාපාරිකයන්ද පවසන්නේ මෙම අවස්ථාව තමන්ට ලබාදෙන්නේනම් එය ඉතා වටිනා බවය.

කෙසේ වෙතත් මෙම වෘපෘතිය මුදල් කමිටුවක හෝ සභාවරයකදී මන්ත්‍රීවරුන්ගේ අවධානයට භාජනය කර සම්මත කරගැනීමක් සිදු කර නැති අතර එය නීතිවිරෝධී ලෙස හොර රහසේ සභාවාර්තාවට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn