අදත් කොරෝනා අසාදිතයින් 351ක්

අදත් කොරෝනා අසාදිතයින් 351ක්

අද (31) දිනට මේ වනවිට පමණක් කොවිඩ් – 19 සාදිතයින් 351 දෙනෙකු මෙරටින් වාර්තාවී ති⁣බේ.

එම ආසාදිතයින් සියලුමදෙනා වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 59,688ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 6,172 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 63,644කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 313කි.

ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් වැඩිම රටවල් අතර 90වන ස්ථානයේ පසුවේ.

Facebook
Twitter
LinkedIn