ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
මීට පෙර මෙම රාජකාරිය ආවරණය කරනු ලැබුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වන අතර කොවිඩ් – 19 තත්වය යටතේ එය ඔවුන්ගේ ප්රමුඛ කාර්යයක්ද විය. කෙසේ වෙතත් මේ වනවිට එම සෞඛ්‍යමය රාජකාරිය පොලිසිය වෙත පවරාගෙන ඇත.
ඒ අනුව අද (30) දිනයේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ඒ සඳහා ක්‍රියාත්මක වන බවත් ස්වයං නිරෝධායනවන පුද්ගලයින් එම ස්ථානයෙන් පිටව යෑම හෝ පිටත පුද්ගලයෙක් නිරෝධායනයවන ස්ථානයට ගෙන්වා ගැනීම නිරෝධායනය රීතින් යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Views: 0










