ආණ්ඩුව විසින් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මූලික විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් තොරව පාසල් විවෘත කිරීම නිසා මේ වන විට පාසල් සිසුන්ට කොරෝනා ආසාදනය වීමේ බරපතළ තර්ජනයට මුහුණ දී සිටී.
මේ වන විට පාසල් සිසුන් 70ක් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඇති අතර එයින් 43 දෙනෙකුම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එම ආසාදිතයින් 43 දෙනා ගාල්ල දිස්ත්‍රීක්කයේ පාසල් 26කට අයත් සිසුන් වේ. මේ තත්වයත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ, අධ්‍යාපන හා දේශපාලන බලධාරීන් යොමු නොවුනහොත් ඉදිරියේදී පාසල් හරහා කොරෝනා පොකුරු නිර්මාණය වීමේ හැකියාවක් මතුවෙමින් තිබේ.
Views: 0










