පසුගිය දින 07 තුළ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ. එම සංඛ්‍යාව 5505 ක් වන අතර පසුගිය 21 වැනි දින එහි ඉහළම සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 887ක්වාර්තා වී තිබේ.
ඉන්පසුව 27වැනි දින දක්වා දින 07ක් තුළ සෑම දිනයකදීම 700 ඉක්මවූ ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත. 22 වැනි දින 787ක්, 23 දින 724ක්, 24 වැනි දින 843ක්, 25 වැනි දින 737ක්, 26 වැනි දින 755ක් සහ 27 වැනි දින 772ක් වශයෙන් ආසාදිතයින් හමුවී ඇත. මේ වන විට බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල නිසා මෙරට මුළු ආසාදිතයින් සංඛ්යා ව 60000 ඉක්මවා තිබේ.
Views: 0










