අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන්ට ඇප නියම කර තිබේ.
නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සිව්දෙනා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (06) සවසම ඇප ලබාදී ඇත.
ඒ අනුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් මත ඔවුන්ව මුදා හැරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කර ඇත.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ විදෙස්ගමන් බලපත්ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කර තිබේ.
එසේම ඔවුන්ට සති 02කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (05) උපදෙස් ලබාදී තිබිණි.
ඒ, රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවය.









