ඉතිරිකිරීමේ බැංකුවට ඡන්ද පත්වීම්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාර්යමණ්ල පුරප්පාඩු පිරවීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ විසුරුවා හැරීමට නියමිත ඌව පළාතේ සභාවට අයත් මොණරාගල දිස්ත්‍රික්කයෙන් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මුල් වටයේ සම්මුඛ පරීක්ෂණ වලට කැඳවා තිබීමයි.

මේ අනුව අද (31) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොල්ලඅපිටිය මූලස්ථානයේදී මෙනරාගල දිස්ත්‍රික්කයෙන් 150ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 350ක්ද සම්මුඛ පරීක්ෂණවලට කැඳවා තිබිණි. ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලින් කැඳවන බව දන්වා තිබුනද ඌව පළාතට මූලිකත්වය ලබාදෙන බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn