ගුවන්යානයක යයි සැක කළ හැකි රෝදයක් අලුත්ගම අවට මුහුදු තීරයෙන් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ධීවරයින් පිරිසක් විසින් අද (29) දහවල් මෙය සොයාගෙන ඇති බවත්, අනතුරුව මොරගොල්ල සංචාරක පොලීසියට බාරදී තිබේ.
මෙය නිශ්චිත වශයෙන්ම ගුවන්යානයක රෝදයක් යයි තහවුරු කර නැති නමුත් සැක කළ හැකි බවත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පසුගියදා අතුරුදහන්වූ මැලේසියා ගුවන් යානය පිළිබඳ නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණය වී නොමැත.
Views: 0









