හදිසි අනතුරින් නි. ඇමති රෝහලේ

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී.

ඔහු ගමන්ගත් ජීප් රථය අද (29)දහවල් හොරොව්පතානේ දී ලොරියක හැපී ඇත.

ලොරි රථය වෙනත් මාර්ගයකට හැරවීමේදී පිටුපසින් පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථය එහි ගැටී ඇති බව සඳහන්ය.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබු නියෝජ්‍ය අමාත්‍ය සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා ප්‍රතිකාර සඳහා අනුරාධපුරා ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරෙන් ලොරි රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn