කොවිඩ් – 19 ආසාදිතයින් අපරාධකරුවන් ලෙස කොන් කිරීම මෝඩ සමාජයක ලක්ෂණයක් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
එසේ ආසාදිතයන් අපරාධකරුවන් ලෙස නිර්මාණය වීමේ ඛේදවාචකයට පාලකයන් හා අදාල බලධාරීන් මෙන්ම ඇතැම් මාධ්‍යද වගකිවයුතු බව ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
කොවිඩ් වැලඳුණු පුද්ගලයන්ට ඖෂධ මෙන්ම මානසික සුවයද අනිවාර්යයෙන් ලබාදිය යුතු යැයි ඒ මහතා ප්‍රකාශ කළේ එම ආසාදිතයින්ට සමාජයෙන් විය යුතු වගකීම ඉටු නොකර රෝගීන්ට එරෙහිව මත පළකරන පුද්ගලයන් සිටී නම් ඔවුන් මානසික රෝගීන් බවය.
එම නිසා කොවිඩ් ආසාදාතියන් ගැන මීට වඩා සමාජයක් ලෙස උසස් මට්ටමකින් සිතිය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
අනුරාධා හේරත් – මව්බිම
273










