නාසිවාදය පරාජය කර සෝවියට් රුසියාව ලැබූ යුද ජයග්‍රහණය සමරන පෙළපාලිය අද (09) මොස්කව් නගරයේ පැවති අතර යුක්රේනය සමග යුද උණුසුම වර්ධනය වීමත් සමග පැවති මෙම උත්සව සැමරුමට වැඩි අවධානයක් යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය හෙළි කරයි.
ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති පුටින් පසුව යුක්රේනයෙන් ඈඳා ගන්නා ලද ක්‍රිමියාවේ යුද සැමරුමකට සහභාගි වනු ඇති බවය.
ඔහු තම සමරු කතාවේදී යුක්රේනය පිළිබඳව සඳහන් නොකළ නමුත් ‘සෝවියට් ජනතාවගේ අයෝමය අධිෂ්ඨානය’ යුරෝපය වහල්භාවයෙන් ගලවා ගත් බව පැවසීය.
“ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය අවසන් වී වසර 69ක් ගතවී තිබේ. එය ජනතාවට ආඩම්බර විය හැකි ජාතික විජයග්‍රාහී දිනයකි. එසේම එය ශෝකයේත් සදාකාලික මතකයේත් දිනයකි. එය සමරන අපේ ප්‍රධාන නිවාඩු දිනය දේශප්‍රේමයේ විජයග්‍රහණයේ අතිමහත් බලයත් මවුබිමට පක්ෂපාතී වීමත් එහි වුවමනාකම් ආරක්ෂාකිරීම කැපවීමත් කෙතරම් වැදගත්ද යන්න පෙන්වා දෙයි.” ඔහු කීය.
මෙවර රතු චතුරස්රයේ පැවති යුද සැමරුම වෙනත් වසරවල සැමරුම්වලට වඩා වැඩි කාලයක් පැවති බව සඳහන්ය. පැයකට ආසන්න කාලයක් පැවති පෙළපාලියට පසුගිය වසරට වඩා හමුදා රථ 50ක් වැඩිපුර යොදවා තිබූ බව වාර්තා වේ.









