සිසුවියකගෙන් පාඩමක්

හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුයිල්වත් දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හැටන් කුයිල්වත්ත වතුයායේ පදිංචි 15 හැවිරිදි සිසුවියක ඊයේ (08) පස්වරු 6ට පමණසිය නිවසේ කුස්සියේදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ‍.

අධ්‍යාපන කටයුතු පංතියේ වෙනත් සිසුන් ලවා කරවාගන්නා බවට පංතිබාර ගුරුතුමිය විසින් පාසලේ සෙසු ගුරුවරුන්ට දැනුම් දෙන බව පවසා සිටි නිසා ඇය සිත් තැවුලට පත් වී නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව පරීක්‍ෂණ පවත්වන වටවල පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ඇය ලිපියක්ද ලියා ඇතැයි වාර්තා වේ.

මෘත ශරීරය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකිරීමට හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් නියෝග කර තිබේ.

මෙවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා විය.

Facebook
Twitter
LinkedIn