අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD

මෙම අවස්ථාව කියන්නේ දෝෂාභියෝගයක් ගෙන එන්න ඇති නීතිමය බලය වැරදි ආකාරයෙන් භාවිතා කිරීමක් විනිසුරුවරුන් තනතුරුවලින් අත්තනෝමතිකව ඉවත්කිරීමෙන් ජනතාවට අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය පවසයි. අද (04) කොළඹදී මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නායකයින් පිරිසක් අධිකරණයට එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා

මේ රටේ සියලූම ජනතාව මේ වනවිට දන්නවා අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව දෝෂාභියෝගයක් ගෙනත් තිඛෙන බව. මෙම දෝෂාභියෝගයට ප්‍රධාන ආසන්නතම සිද්ධිය වන්නේ දිවිනැගුම පනතයි. සමෘද්ධි බැංකුවලට අයත් මුදල් ඇමතිවරයාගේ අභිමතය පරිදි පාලනය කිරීම සඳහා ගෙනා පනතක් විදියට තමයි මේ දිවි නැගුම පනත තිඛෙන්නේ. එහි ඇති අරමුදල් වල ප්‍රතිලාභ ජනතාවගේ සුභසිද්ධියට භාවිතා කරනවද තමන්ගේ දේශපාලන ව්‍යාපෘති සඳහා යොදාගන්නවාද යන්න අදාල ඇමතිවරයාට තමන්ගේ අභිමතය පරිදි හැසිරවීමේ බලතල මෙම පනතින් තහවුරු කරලා තියෙනවා. එමෙන්ම එය අසීමිත බලයක්. ඒ වගේම මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසිවලට යටත් නොවෙන නීතියක් මෙම පනත මගින් යොජනා කරනවා. මහ බංකුවේ රෙගුලාසිවලට යටත් නැහැ. මෙවැනි අඩුපාඩු විශාල ප්‍රමාණයක් සහිතව ගෙනාපු පනතක් තමයි දිවිනැගුම පනත. මෙය බැසිල් රාජපක්ෂ ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට අගෝස්තු මස 10වෙනි සිකුරාදා තමයි ගේන්නේ. මැතිවරණය පැවැති කාලයේ හොර රහසේ සම්මත කර ගැනීමටයි ආණ්ඩුව උත්සාහ කළේ. නැවත පාර්ලිමේන්තුව පටන් ගන්නකොට උසාවි නිවාඩු. හදිසියේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමේ වුවමනාවක් තමයි ආණ්ඩුවට තිබුණේ. නමුත් මෙම පනතේ නීති විරෝධී වැරදි සහගත තත්වය හඳුනාගෙන පාර්ශ්ව කිහිපයක් ශේ්්‍රෂ්ඨාධිකරණයට නඩුවක් ගොණු කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා පළාත් සභාවලින් සම්මත කරගත යුතුයි කියලා. ඉන් අනතුරුව නැවත පාර්ලිමේන්තුවට පනත ගෙනාවා. නමුත් එහි තිබුන අනෙකුත් අඩුපාඩු සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එමෙන්ම ජනතාව දන්නවා අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් වරයා අධිකරණයට ඇති බලපෑම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කරමින් නිවේදනයක් නිකුත් කළා. එය ලේකම්වරයාගේ පෞද්ගලික අභිමතය නොවේ. අධිකරණ සේව කොමිසමේ සාමාජිකයින්ගේ මතයක් ලෙෂ තමයි එම නිවේදනය නිකුත් කළේ. එම කොමිසමේ අග විනිසුරුතුමිය වන ශිරානි බණ්ඩාරනායක මැතිනිය සහ තවත් විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතයි. ඉන් අනතුරුව අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීමක් සිදුකළා. නමුත් මේ වනතුරු සැකකරුවන් අත් අඩංගුවට ගෙන නැහැ. ආණ්ඩුව කළේ මංජුල තිලකරත්න මහතාට එරෙහිව අවලාද නැගීමයි. නීතියේ බිඳවැටීම එම සිද්ධියෙන් පෙන්නුම් කළා. පහරදීලා, අවලාද නගලා, බියවැද්දීම් කරලා අධිකරණය බියවැද්දීමට ආණ්ඩුව කටයුතු කළා. ඊට අමතරව අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයාට අල්ලස් කොමිසම හමුවේ ඇති පැමිණිල්ල හදිසියේ විභාගයට කැඳවලා ඒ හරහි අධිකරණයට බලපෑම් කරන්න උත්සාහකළා.

එයිනුත් නොනැවතී ආණ්ඩුව 13 ගැන හදිසියේ කතිකාවක් ගොඩනැගීමට උත්සාහ කළා. ඛෙදුම්වාදය අලූත්කඩේ උසාවියට ගේන්න තමයි ආණ්ඩුව උත්සාහ කළේ. එය අධිකරණය හමුවට ගෙනල්ලා ආණ්ඩුවට විරුද්ධව තීන්දුවක් දුන්නොත් අධිකරණය ඛෙදුම්වාදය සඳහා මැදිහත්වන බවට චෝදනා කරන්න ඒ හරහා අධිකරණයට බලපෑම් කරන්න ආණ්ඩුව උත්සාහ කලා.

මෙම ගෙනඒමට උත්සාහ දරන දෝෂාභීයෝගය ශිරානි බණ්ඩානායක අගවිනිසුරුතුමියට පෞද්ගලිකව ගෙන ඒමක් නොවේ. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුලණය බිඳ වට්ටවමින් විධායකය විසින් අධිකරණය හැසිරවීමට ගන්නා උත්සාහයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගෙනඑන ලද දෝෂාභියෝගයක්. විවිධ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක‍ෂා කරන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඒ පිළිබඳ කැක්කුමක් තිඛෙන පිරිස් අද එකතුවෙලා ඉන්නේ රටේ පුරවැසියන් ලෙස අපේ වගකීම ඉටුකළ යුතුයි කියන අදහසින්. අධිකරණයට එරෙහිව ප්‍රහාර හෙළා දකිනවා. ඒ වෙනුවෙන් ගතහැකි කි්‍රයාමාර්ග තෝරනවා.

අකුරැස්සේ, තංගල්ලේ, කහවත්තේ විශාල ලෙෂ කාන්තා ඝාතන ළමා අපචාර, දූෂණ, අඛණ්ඩව සිදුවුණා. ඒ පිටුපස දේශපාලන බල අධිකාරය සිටියා. එම කි්‍රයාවලිය අද ශේ්්‍රෂ්ඨාධිකරණයට පහර දීමට පටන්ගෙන තිඛෙනවා. මෙම දෝෂාභියෝගය ගෙන එන්නේ විශේෂයෙන් අගවිනිසුරුතුමියගේ විෂමාචාර චෝදනා එල්ල කරගනිමින්. එම චෝදනා ගෙන එන ප්‍රධාන කෙනා පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියයි. අගවිනිසුරුතුමියට ධුරයට අදාල සහ එතුමියගේ පෞද්ගලික ජීවිතයේ විෂමාචාර පිළිබඳ චෝදනා නගනවා. අපිට තියෙන ප්‍රශ්නය පවිත්‍රා වන්නිආරච්චි වැනි කාන්තාවක් මෙවැනි චෝදනා එල්ල කිරීමයි. මෙලෙස ආණ්ඩුව කාන්තාවකට කරන්න පුළුවන් ලොකුම අපහාසය කළා. ආසියාතික සමාජයේ කාන්තාවකට එරෙහිව නැගිය හැකි බරපතලම චෝදනාව තමයි අපචාර චෝදනා. ආණ්ඩුව එවැනි පහත් තැනකට වැටී තිඛෙනවා. තමන්ගේ බලය වෙනුවෙන් කරන්න පුළුවන් ඉතාම නින්දිත පහත් කි්‍රයාවන් සිදුකරමින් ඉන්නවා. මොන තර්ජන ආවත් නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් කි්‍රයාමාර්ග ගැනීමට ආදර්ශය දීමට සිටින උදවියට ඒවා මර්දනය කරමින් වළ පල්ලට ඇද දමමින් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. හමුදාවට කළෙත් ඒකයි. සරත් ෆොන්සේකා මහතා හිෙරි දාල මේජර්වරුන්ගේ ඔළු පළලා හමුදාව නිහ~ කළා. ඉන් අනතුරුව අධිකරණ ෙක‍ෂ්ත්‍රයේ ඉහළම තැනට තර්ජනය කරලා අධිකරණ ෙක‍ෂ්ත්‍රය නිහ~ කිරීමට උත්සාහ කළා. මෙම අධිකරණයට එරෙහිව ගෙනයන ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න පස්වෙනිදා සවස 3ට අළුත්කඩේ උසාවිය අසලින් ආරම්භ කරන උද්ෙඝාඝා්ෂණ පා ගමනට එක්වන  ලෙස මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


අධිකරණයේ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය

අප අද කතා කරන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුවට, පක‍ෂපාතී හෝ අපක‍ෂපාතී කරුණක් නොවෙයි. ඒ වගේම අග විනිසුරුතුමියට පක‍ෂපාතී හෝ අපක‍ෂපාතී කරුණක් නොවෙයි. ඊට  එහා ගිය පුද්ගලානුබද්ධ ප්‍රශ්නයකටත් එහා ගිය ව්‍යවස්ථාවට වගකියන ජනතාවගේ ස්වාධිපත්‍ය බලයට අදාල බරපතල කරුණක් ගැනයි.

මේ ළඟකදී ඉඳන් ඇසෙන අනීතික කතාබහක් තමයි නීතියේ අධිකරණයට වඩා බලයක් පාර්ලිමේන්තුවට තිඛෙන බව. 78 ව්‍යවස්ථාවට අනුව එය ඉතා වැරදිසහගත කරුණක්. එංගලන්තය වැනි රාජාණ්ඩු සහිත  රටවල එයතිඛෙනවා. නමුත් ශී්‍ර ලංකාව වැනි ව්‍යවස්ථාවෙන් පාලනය වන රටක විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකකට එකක් සමාන බලයන් සහිත ආයතන. ඒ පදනම මත ආණ්ඩුව සිදුකරන එම ප්‍රකාශය ඉතා වැරදිසහගතයි.

දිවි නැගුම පනත සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව නිසා අධිකරණයට එරෙහි මෙම ප්‍රහාරය නැගී ආවා කියා අපි විශ්වාස කරනවා.

පරමාධිපත්‍ය බලය කියන්නේ ජනතාවට. ජනාතවට අයිති එම පරමාධිපත්‍ය බලය තාවකාලිකව විධාකයකට, ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ලබා දෙනවා. එම බලය එකකට එකක් සමානයි. පරමාධිපත්‍ය බලය ජනතාව සතුයි. සංවරණය හා තුළනය සම්මතය තුළ අධිකරණයේ පරමාධිපත්‍ය බලය ඉහවහා ගියොත් අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමේ නීතිමය බලයක් ව්‍යවස්ථාදායක සභාවට තිඛෙනවා. නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට සහ 2001 දී සරත් නන්ද සිල්වා මහතාට ගෙන එන ලද දෝෂාභියෝගයන් පිළිබඳ අපට පූර්වාදර්ශයන් තිඛෙනවා. නමුත් එම දෝෂාභියෝගයන් එකක්වත් අහවර වූයේ නැහැ.ඒ නිසා අද වෙනතුරු පූර්ණ දෝෂාභියෝගයක් පිළිබඳ අපට පූර්වාදර්ශ නැහැ. නීතියේ රාමුව තුළ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට මෙය ඇතුළත් කරළ හැකියි. නමුත් 78(ඒ)ස්ථාවර නියෝග වලට අනුව අධිකරණයේ බලය ඉක්මවා යන බලය නීත්‍යානුකූල නොවන බවට ශේ්්‍රෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දුන්නා. එය ශේෂ්ඨාධිකරණයේ බලය පාර්ලිමේන්තුව විසින් උදුරා ගැනීමක් බව අධිකරණය තීන්දු කළා.

සිද්ධිමය කරුණු මත මිනිසාගේ ස්වාධිපත්‍යය ඇත්තටම අධිකරණය උල්ලංඝණය කරනවාද නොමැතිනම් ආණ්ඩුවට අවශ්‍ය වාසිය ලබා ගන්න මෙම දෝෂාභියෝගය ගෙනෙනවාද යන්න සලකා බැලිය යුතුයි. දෙවනුව නෛතිකව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළත් 78(ඒ) වගන්තිය අනුව මිනිසාගේ පරමාධිපත්‍ය බලය හිමි ආයතනයකට එරෙහිව එය කි්‍රයාත්මක කළ හැකිද යන්න ෂලකා බැලිය යුතුයි.

නීතිඥ කරුණාරත්න හේරත්

1978 ව්‍යවස්ථාවේ රටට නොගැලපෙන නීතියේ බලයක් සම්බන්ධ කාරණයක් ලෙස 107 වගන්තියට අනුව ගෙන ඒමට හැකි දෝෂාභියෝගයට සම්බන්ධ කාර්යපටිපාටිය හැදින්විය හැකියි. 107 වගන්තියට අනුව දෝෂාභියෝග නීතියට අනුව චෝදනා ගොනු කිරීම, චෝදනා විභාග කිරීම, ඒ චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ මන්තීවරුන් විසින් සිදුකරනු ලබයි. උපරිමාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව මෙලෙස දෝෂාභියෝගයක් ගෙන ඒම වෙනත් රටවල් සමඟ බලද්දී ඉතා නොගැලපීමක්. 78 ව්‍යවස්ථාවට අනුව විධායකයට තිඛෙන බලය අනුව එවැනි දෝෂාභියෝගයක් ගෙන ඒමට පුළුවන්. නමුත් නීති වෘත්තිකයන් හා පුරවැසියන් හැටියට අපි දකින මෙහි තිඛෙන දෝෂය තමයි තමන්ට අවශ්‍ය තීන්දු ලබාගැනීමට විධායක බලය පාවිච්චි කරමින් අධිකරණයට බලපෑම් කිරීම. එමෙනම් පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා අධිකරණයට බලපෑම් කිරීම. මෙය තමයි අපි දකින නීති විරෝධීභාවය සහ සදාචාරවිරෝධීභාවයි.

මෙම දෝෂාභියෝගය ගෙන එන්නේ 01වෙනිදා. නමුත් ඊට දින ගණනාවකට කලින් තමයි මෙම දෝෂාභියෝගය එන බවට කතාබහක් ඇතිවුණේ. දිවිනැගුම පනතට අදාල නඩු තීන්දුවෙන් පසුව අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා අධිකරණයට බලපෑම් තිඛෙන බව පවසමින් නිවේදනයක් නිකුත් කරනවා. මෙම බලපෑම් තිඛෙන්නේ අධිකරණය මගින් නීතිමය පියවර ගන්න බැරි තනතුරකින් බව ලෝකයම දන්නවා. ඒ තමයි ජනාධිපති තනතුර. ඊට එරෙහිව අධිකරණය මගින් නීතිය කි්‍රයාත්මක කරන්න බැහැ. ඒ අනුව කාටත් පැහැදිලියි කවුද මේ අධිකරණයට බලපෑම් කරන්නේ කියන කාරණය.

අනෙක් කරුණ තමයි අගවිනිසුරුතුමියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව දූෂණ චෝදනා පිළිබඳව විමර්ශනය කරන්නේ දිවිනැගුම පනතට එරෙහිව පළමු නඩු තීන්දුව ලබාදුන්නාට පසුව. එතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. මේ නඩුව පැවරීමෙන් කරන්නෙත් ආණ්ඩුවට පක්ෂපාතී තීන්දුවක් ලබාදෙන්න කියලා අධිකරණයට බලපෑම් කිරීමයි. දැන් ඔක්. 31වෙනිදා දිවිනැගුම පනත සම්බන්ධ තීන්දුව ජනාධිපතිවරයාට ලබාදීලා තියෙන්නේ. එම තීන්දුව අපි දන්නේ නැති වුණත් ජනාධිපතිවරයා, කතානායකවරයා දන්නවා. එය අපිට 06වෙනිදා දැනගන්න හැකිවේවි. ඉතිං විශේෂම කරුණ වන්නේ ඊට පසු දින අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය 01වෙනිදා කතානායකට බාරදෙනවා. හරි පැහැදිලියි මෙම දෝෂාභියෝගය ගෙන එන්නේ දිවිනැගුම සම්බන්ධ තීන්දුව දන්න නිසයි. මෙම අවස්ථාව කියන්නේ දෝෂාභියෝගයක් ගෙන එන්න ඇති නීතිමය බලය වැරදි ආකාරයෙන් භාවිතා කිරීමක්. මෙලෙස අධිකරණයට බලපෑම් කිරීමට පාර්ලිමේන්තුවට, ව්‍යස්ථාදායකයට බලය ලබාදීමෙන් අධිකරණයෙන් ජනතාවට ලැඛෙන සාධාරණත්වය නොලැබී යන්න පුළුවන්. මෙලෙස විනිසුරුවරුන් තනතුරුවලින් අත්තනෝමතිකව ඉවත්කිරීමෙන් ජනතාවට අධිකරණයෙන් ලැඛෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවී යන්න පුළුවන්.

මෙම අවස්ථාවට නීතිඥ ලාල් කුමාරපේලි (ජාතික විද්වත් වෘත්තික සංසදය), නීතිඥ සුමනා ඛෙනරගම (සභාපති, අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය), නීතිඥ සුනිල් වටගල (ජනතා නීතිඥ සංගමය), ආචාර්ය රොහාන් ප්‍රනාන්දු (ජාතික විද්වත් වෘත්තික සංසදය), ප්‍රවීන කලාකරු චන්ද්‍රසෝම බිංදුහේවා, සන්ධ්‍යා එක්නැලිගොඩ, විශාකා තිලකරත්න (යහ පාලනය උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය) යන අය සහභාගි විය.

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට

මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක

දෝෂාභි‍යෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට

ප්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්