බැසිල්ට සැලකුවාට වියදම සභාවෙන්

පසුගියදා කෑගල්ල නගර සභා ක්‍රීඩාංගණයේ පැවති සම්මන්ත්‍රණයක් අවසානයේ ඊට පැමිණි සිටි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිසට තම නිවසේ ආහාර පාන ලබාදීම වෙනුවෙන් මහීපාල හේරත් මහ ඇමතිවරයා පළාත් සභාවෙන් රුපියල් හාරලක්ෂ පනස්පන්දහසක මුදලක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

මේ සඳහා ආහාරපාන ලබාගෙන ඇත්තේ මහ ඇමතිවරයාට අයත් ‘කුරුළු කළේ ඉන්’ නැමති හෝටලයෙන් වීමද විශේෂත්වයකි. ආහාරවලට අමතරව ලබාගන්නා ලද මත්පැන් වියදම්ද මෙම ආහාර බිල්වලට ඇතුළත් බව පැවසේ.

Facebook
Twitter
LinkedIn