හෙරොයින් ජාවාරමේ නිරත පොහොට්ටු මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත පොහොට්ටු මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී පැතුම් උදාර නැමැත්තා ඇතුළු තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 65කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඉපලෝගම පොලිසිය හා යුදහමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ වැටලීමකදී ය.

මොවුන් 26, 28 සහ 32 යන වස්වල පසුවන්නන් බවත් ඉපලෝගම, සේනපුර සහ මීගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පැවසේ.

ඔවුන් අද කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ඔක්තොම්බර් මස 06වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

Facebook
Twitter
LinkedIn