ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කිරීමට යෝජනා කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර එය එළඹෙන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) පැවසී ය.
මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ 20වන සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගන්නා බව ය.
20 වන ආණ්ඩ්‍රකඅම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව යෝජනා කරන සංශෝධන ඊයේ දින කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත්, එම යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොවී ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූර්ණ වගකීම භාරගෙන ඇති 20වන සංශෝධන කෙටුම්පතේ රටට අහිතකර කරුණු වෙනස් කරගැනීම සඳහා උත්සාහ දරන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිපදෙනෙකුම පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ නමුත් ඔවුන් කිසිවෙකුටත් මේ දක්වා එය වෙනස්කරගැනීමට හැකි වී නැත.
රටේ ඒකීයභාවයට පවා මෙම සංශෝධනය මගින් තර්ජන එල්ලවී තිබෙන බව මේ වනවිටත් අනාවරණය වී තිබේ.










