බූරූ ගැසූ ලග්ගල පොහොට්ටු සභාපති ඇතුළු 08ක් කුඩු සමග අත්අඩංගුවට

බූරූ ගැසූ ලග්ගල පොහොට්ටු සභාපති ඇතුළු 08ක් කුඩු සමග අත්අඩංගුවට

නීතිවිරෝධී සූදු ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී පොහොට්ටු පක්ෂයට බලය හිමි ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න ඇතුළු 08 දෙනෙකු අද (15) අළුයම 2.30ට පමණ ලග්ගල ලේල්ඔය ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ලග්ගල පොලිසිය විසින් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් 07 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එළඹෙන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 220ක් සමග අත්අඩංගුවටගත් සැකකරු ලග්ගල, විල්ගමුව ආදී ප‍්‍රදේශවලට හෙරොයින් සහ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත ”යකා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු බවත් ඔහු තව දුරටත් පොලිස් අත්අඩංගු වේ පසුවන බවත් වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගත් ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න ඇතුළු 08 දෙනා සන්තකයේ තිබී රුපියල් විසිහතර දහසකට වැඩි මුදල් ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබ්.

ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ දිනපතා රහසිගතව රාත්‍රී නවයේ සිට අලුයම දක්වා ස්ථාන මාරු කරමින් මුදලට සුදු ක්‍රීඩාවේ යෙදෙන සිද්ධීන් පිළිබඳව පැමිණිලි ලැබී තිබූ බවත් ඒ අනුව රාත්‍රී 9.30ට පමණ ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සඳහා යොදවා තිබී ඇත.

ඒ අනුව අලුයම 2.30ට පමණ මුදලට සූදු සෙල්ලම් කරන ස්ථානය වැටලීම් සිදුකර පිරිස අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයෙන් පලා යෑම සඳහා සහ නඩු පැවරීමකින් තොරව මුදා හැරීම සඳහා විවිධ බලපෑම් සහ ඉල්ලීම් කළ බවද පොලිසිය කියයි.

කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම සූදු ක්‍රීඩාව කරගෙන යන බවට ප්‍රදේශයේ කාන්තාවන් සහ විවිධ සංවිධාන පොලිසියට නිරන්තරයෙන් තොරතුරු ලබා දෙන බවත් එහෙත් ඉතා සූක්ෂම ලෙස ස්ථාන මාරු කරමින් තැරැව්කරුවන් අතරමග දමා මහා පරිමාණයෙන් මෙම සූදු ක්‍රීඩාව පවත්වාගෙන යෑම නිසා ප්‍රදේශයේ බරපතල ප්‍රශ්න රැසක් පවතින බව පොලීසිය වැඩිදුරටත් කියා සිටී.

Facebook
Twitter
LinkedIn