හෙට අනිද්දා මුහුද රළුයි – ධීවර කටයුතුවලට අනුතුරු අඟවයි

හෙට අනිද්දා මුහුද රළුයි – ධීවර කටයුතුවලට අනුතුරු අඟවයි

හෙට (06) සහ අනිද්දා (07) දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම පහත සඳහන් කාලය තුළදී අනතුරුදායක වන අතර නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවදානයෙන් කටයුතු කළ යුතු බව දන්වා ඇත.

නිවේදනයේ අනතුරු අඟවා ඇති ආකාරය අනුව හෙට පෙරවරු 9.00 සිට අනිද්දා (07) පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලය තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70ක් දක්වා ඉහළ යා හැකි ය.

එමෙන්ම එම කාලය තුළදී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn