මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයෙන්ද අද (02) පෙරවරු 07.06ට පමණ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ.
මීට පෙර පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන්ද මෙලෙසම පොළොව සෙලවීමේ සිදුවීමක් වාර්තා වූ අතර ඊට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරන්නේ අද වාර්තාවූ සිද්ධිය පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අද සිදුවූ සෙලවීම භූ චලනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැත.
Views: 0










