අද පෙරවරු 09 සිට කොළඹ ප්‍රදේශ රැසක පැය 18ක ජල කප්පාදුවක්

අද පෙරවරු 09 සිට කොළඹ ප්‍රදේශ රැසක පැය 18ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක අද (30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද උදෑසන 09 සිට 31 වන ඉරිදා දින අලුයම 03 දක්වා කොළඹ 02, 03, 07, , 08, 09, සහ 10 යන ප්‍රදේශවල පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරේ.

‍මීට අමතරව කොළඹ 1 යන ප්‍රදේශයට අඩුපීඩන තත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Facebook
Twitter
LinkedIn