කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (23) රාත්‍රී 8.00ට බලාත්මක කරන ඇඳිරි නීතිය මැයි 26 වන අඟහරුවාදා උදේ 5.00ට ලිහිල් කෙරෙයි.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල 26 වන අඟහරුවාදා සිට දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.
Views: 0










