සමෘද්ධි මුදල් යොදා 2019 ඡන්දහිමි නාමලේඛණ මුද්‍රණය කිරීම සම්බන්දව පරීක්ෂණයක් කරන්න

සමෘද්ධි මුදල් යොදා 2019 ඡන්දහිමි නාමලේඛණ මුද්‍රණය කිරීම සම්බන්දව පරීක්ෂණයක් කරන්න

2020 පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාල මුඵ දිවයිනම ආවරණය වන පරිදි දිස්ත‍්‍රික්ක 25 ම 2019 ඡන්දහිමි නාමලේඛණ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුදල් යොදවා මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය මගින් විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද හිමිනාමලේඛණ භාවිතා නොකරන මෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිටපතක් සහිතව සියඵම දිස්ත‍්‍රික් ලේකමිවරු වෙත නිකුත් කරන ලද 2020.04.18 දිනැති PE/2020/19 යන ලිපියක්ද නිකුත් කර ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

මේ වනවිටත් දිස්ත‍්‍රික්ක වෙත බෙදා දී අවසන් කර ඇති මෙම සියඵ ලේඛණ පුද්ගලික ආයතනයකින් මුද්‍රණය කර ඇති අතර ඒ සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 12ක ආසන්න මුදලක් වැය කර ඇති අතර එයද විධිමත් ක‍්‍රියා පටිපාටියකින් තොරව සිදු කර ඇති බව පවසන සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකලුගේ මහතා මේ පිළිබඳව කඩිනමි පරීක්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn