අද රාත්‍රී 08 සිට සඳුඳා අළුයම 05 තෙක් ඇඳිරි නීතිය

අද රාත්‍රී 08 සිට සඳුඳා අළුයම 05 තෙක් ඇඳිරි නීතිය

කොරෝනා වසංගතය පැතිර යාම වැලැක්වීම සඳහා මේ දිනවල පනවා ඇති ඇඳිරීනීය සංශෝධනය කරමින් අද (06) රාත්‍රී 08 සිට ලබන 11 වනදා අළුයම 05 දක්වා මුළුරටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා පැය 24 පුරාම දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇති අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා රාත්‍රී 08 සිට අළුයම 05 දක්වා පමණක් ඇඳිරි නීතිය පනවා තිබිණි.

එහෙත් අද රාත්‍රී 08 සිට ලබන 11 වනදා අළුයම 05 දක්වා රටේ සියළුම දිස්ත්‍රික්කවලට පැය 24ම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.

Facebook
Twitter
LinkedIn