මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාර්තු 17 වනදා ජාතිය අමතමින් ලබාදුන් සහනය ජාතිය ඇමතීමකින් තොරව හොර රහසේම ඉවත් කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් පසුගිය දිනවල ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ලවූ අතර පසුගිය අප්‍රේල් 30 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් එම උපරිම මිල සීමාව ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදු කළ ප්‍රකාශය අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබීය.
පරිප්පු සහ ටින්මාලු මිල අඩු කරනු ලබන්නේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අඩුවීමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමට යැයිද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළේ ය.
එහෙත් මේ වනවිට, ජනාධිපතිවරයා ජාතිය ඇමතූ මාර්තු 17 වනදා තිබූ මිලටත් වඩා බොරතෙල් මිල අඩු වී ඇති පසුබිමක මෙම සහනය ඉවත් කිරීමද විශේෂත්වයකි.










