නාස්තිකාරි සහ වෛරය ඇති කරවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වීමට කාලය ඇවිල්ලා…

නාස්තිකාරි සහ වෛරය ඇති කරවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වීමට කාලය ඇවිල්ලා…

නාස්තිකාරි සහ වෛරය ඇති කරවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටක් නිර්මාණය කිරිම කාලින අවශ්‍යතාවයක් බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලාංකාර නා හිමි සහ අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී ය.

නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

Facebook
Twitter
LinkedIn