කොරෝනා අස්සේ පෞද්ගලික අංශයේ සේවක කප්පාදුවකුත්

කොරෝනා අස්සේ පෞද්ගලික අංශයේ සේවක කප්පාදුවකුත්

පෞද්ගලික අං‍ශයේ දැවැන්ත සේවක කප්පාදුවක් සිදුවෙමින් පවතින බවත් ඇඟළුම් කම්හල්වල පමණක් අප්‍රේල් මාසය අවසන් වනවිට දෙලක්ෂයකට ආසන්න රැකියා ප්‍රමාණයක් කප්පාදු වී ඇති බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

50%ක සේවක කප්පාදුවක් සිදුකිරීමට ඉල්ලා ඇති ආයතන මෙන්ම වසරකට අඩු සේවා කාලයක් ඇති සේවකයින් ඉවත් කිරීමට ඉල්ලා ඇති ආයතනද රාශියක් පිළිබඳව තම සංගමය වෙත වාර්තා වී ඇතැයිද වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි.

පෞද්ගලික අං‍ශයේ ආයතන කඩා වැටීම පිළිබදව යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට රජය වහා මැදිහත් විය යුතුව ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කරයි.

අවම වශයෙන් රුපියල් බිලියන 300ක් පමණ පෞද්ගලික අංශය නගා සිටුවීම සඳහා යෙදවිය යුතුව ඇතැයිද ව්‍යාපාරවල සිදුව ඇති හානිය සොයා බලා ඒවා වාර්ශික පිරිවැටුම සමග සසඳා බලා අවශ්‍ය උපකාර සිදුකළ යුතු ව ඇතැයිද වසන්ත සමරසිංහ මහතා පැවැසී ය.

මේ සම්බන්ධව කම්කරු අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සිදුකළ බව කී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා එහි දී පැමිණි එකඟතා මේ වනතුරුත් ඉටු නොවු බව ද කියාසිටියේ ය.

Facebook
Twitter
LinkedIn