කොළඹ, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක හතරකට ඇඳිරි නීතිය මැයි 04 දක්වා දීර්ඝ කරයි

කොළඹ, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක හතරකට ඇඳිරි නීතිය මැයි 04 දක්වා දීර්ඝ කරයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04ට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.

ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

Facebook
Twitter
LinkedIn