බීජ සහ පොහොර හිගයි

බීජ සහ පොහොර හිගයි

මෙරට කෘෂි කර්මාන්තය සදහා අවශ්‍ය බිජ හා පොහොර හිගයක් වෙළඳපොලේ ඇතිවී තිබීමත් සමග කොරෝනා භීතිය අස්සේ කෘෂිකර්ම දෙපාරතමේන්තුව හා පුද්ගලික වෙළදුන් ගරානාවක් සිදුකරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටියි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු නායකයින් කණ්ඩායමක් ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවි බිම් නිරීක්ෂණය කිරීමෙන් පසු ඊයේ (23) දින එම ගොවි බිමේදී පැවත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේ ය.

මෙම මාධ්‍ය හමුවට එම සම්මේලනයේ ලේකම් ටි.බී සරත් මහතා, කමිටු සාමාජික ඩබ්ලිව්.එම් තිලරතන මහතා ඇතුළු ප්‍රාදේශීය ගොවි නායකයින්ද එක්ව සිටියහ.

කෘෂිකර්ම දෙපාරතමේන්තුව මගින් පසුගිය වසරේ දේශීය ලොකු ලූණු බිජ ගොවීන්ගෙන් කිලෝව රුපියල් 9,000 බැගින් මිලදී ගත් ලොකු ලූණු බිජ යලි මේ දිනවල ලූණු ගොවින්ට කිලෝව රුපියල් 14,000කට අලෙවි කරන බවත් පසුගිය සතියේ කෘෂිකර්ම දෙපාරතමේන්තුව එම බිජ කිලෝව රුපියල් 11,000ට ගොවීන්ට නිකුත් කරන බවත් එ මහතා පවසා සිටියේය. එම මිල ගණන මේ සතියේ 14,000ක වී තිබෙ බවත් පුද්ගලික වෙළඳුන් බිජ හිඟය දඩමීමා කරගෙන ලොකු ලූණු බිජ කිලෝව රුපියල් 22,000 සිට 25,000 දක්වාවූ අධික මිලකට අලෙවි කරන බවත් රජය හා පුද්ගලික අංශය යන දෙපාර්ශවයම ව්‍යාජ ඇසුරුම්වල බිජ අලෙවි කරන බවත් චෝදනා කළේ ය. ලොකු ලූණු බිජ සහිත ඇසුරුමක් පෙන්වා එම ඇසුරුමේ ලොකු ලූණු ගෙඩියක් හෝ බිකක චායාරුප නොමැති බවත් වෙනත් බෝගයන්හි චායාරූප ඇති බවත් එම ලේබලයේ කල් ඉකුත්වීමේ දිනයද සදහන් කර නොමැති බවත් කියා සිටියේය. එසේම බිජ පැළවීමේ ප්‍රතිශතය නිවැරිදිව සදහන් නොකර මුලා කරමින් වංචනික කටයුත්තක නිරතව සිටින බවද කියා සිටියේ ය.

වෘත්තිමය ගොවීන්ට මෙන්ම ගෙවතු වගා දස ලක්ෂයේ වැඩ සටහනට සමගාමිව ගෙවතු වගාකරුවන්ටද අවශ්‍ය බිජ හා පොහොර හිඟය බලපා ඇති බවත් දෙමුහුන් බිජ වර්ග සම්ප්‍රධායික බිජ ලෙස හුවා දක්වමින් මනා ලෙස ඇසුරුම් කර ගොවි ජනතාව මුලාකරමින් සිටින බවත් මේ මොහොතේ වගා කටයුතු නිසා ගොවීන්ගේ පවතින උනන්දුව හමුවේ මෙම බිජ කොල්ලය සිදුවන බව සාක්ෂි සහිතව මෙහිදී නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

සියලුම වගාවන්ට අවශ්‍ය බිජ මෙන්ම මුලික පොහොර හිඟය දැඩිව බලපා තිබෙන අතර පුද්ගලික වෙළඳුන් සන්තකයේ හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානවල බිජ වර්ග මිලදී ගැනීමට නොමැති බැවින් රජයේ කඩිනම් අවධානය යොමුකර ගොවින්ට සහන සලසන ඉල්ලා සිටියේය.

එසේම මෙවර යල කන්නයේ ලොකු ලූණු වගාව සදහා මේ මාසයේ මුල් සති දෙකේ බිජ තවාන් දැමිය යුතු වුවත් දේශීය බිජ හෝ ආනයනික බීජ හිඟය නිසා දෙශීය ලොකු ලූණු වගාව දැඩි අවදානමකට ලක්ව ඇති බවත් මේ තත්වය පාලනය කිරීම සදහා රජය වහා අවධානය යොමුකළ යුතු බවත් පැවසිය.

එසේම ජිවනෝපාය අහිමි ජනතාවට රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව බොහෝ ගොවි ජනතාවට ලැබී නොමැති බවත් ගොවි ජනපද ව්‍යාපාර යටතේ ගොවීන්ට ලබාදුන් ඉඩම් පවුලේ සාමාජිකයින් දීර්ඝ කාලයක් භුක්ති විඳීම සිදුකලත් ඒවා අනුබෙදුම් කිරීමට නීතිමය ඉඩක්  නොමැති බැවින් එම ගොවීන් රුපියල් 5000 දීමනාව ලබාගැනීමට නොහැකිවී ඇති බැවින් ඒ සදහා රජයේ අවධනය යොමුකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

මෙරට කිරි කර්මාන්තයේ නියැලී සිටින කිරි ගොවින්ට්ද විශේස සහනයක් ලබාදීමට මෙම අවස්ථාවේ කටයුතු කිරීම සුදුසු බවද නාමල් කරුරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

මෙහිදී අදහස පලකල ටි.බී සරත් මහතා කියා සිටියේ මාස් කන්නයේ වී වගාකළ ගොවීන්ට නියමිත කාලය තුල මහා පරිමාණ වාරි ජලය නොලැබීමෙන් කිඩෑ උවදුර ඇවී තිබෙන නිසා වගා හානිවූ ගොවීන්ට වගා හානි ගෙවීම ප්‍රමාදවී ඇති බවත් ඒ සදහා රජයේ අවධානය යොමුකර වන්දි ලබාදීම කඩිනම කරන ලෙසත් ය.

එම තත්වය හමුවේ ණය පදනම මත කෘෂි මෙවලම් මිලදී ගත් ගොවීන්ට අදාල මුල්‍ය ආයතනවලින් ණය වාරික ගෙවීම් කරන ලෙස බලපෑම් එල්ලවීම නිසා ගොවීන් අසරණභාවයට මුහුණපා සිටින බවත් එම ගොවීන්ට අදාල ණය වාරික ගෙවීමේ කාලය දික්කිරීමට රජයේ අවදානය යොමු කරන ලෙසත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහතවැටිමේ වාසිය ගොවි ජනතාවට ලබාදීම සදහා ඉන්ධන මිල 50% කින් අඩුකර ගොවි ජනතාවට සහන සලසාදී ආහාර නිෂ්පාදනය කිරීම සදහා උනන්දු කරන ලෙසද ඉල්ලා සිටියේය.

Facebook
Twitter
LinkedIn