සුරාසැල් විවෘත කිරීමටත් අවසර

සුරාසැල් විවෘත කිරීමටත් අවසර

කොරෝනා වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා පනවා තිබූ ඇඳිරි නීතියට යටත්ව විවෘත කිරීම තහනම් කර තිබූ සුරාසැල් නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් සුරාසැලි ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අවසර ලබාදී ඇත.

මෙම අවසරය ලබා දී තිබෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ්-19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය විධි විධාන පිළිපැදීමේ කොන්දේසියට යටත්ව ය.

එකී කොන්දේසියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් සුදුසු නෛතික පියවර ගැනීමටත් මත්පැන් කර්මාන්තය සම්බන්ධයෙන් උපරිම මට්ටමේ කර්මාන්ත විනයක් පවත්වා ගැනීමටත් කටයුතු කිරීමට සියළුම සුරාබදු නිලධාරීන් වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn