සෙවනගල, කිරිඉබ්බන්වැව ප්රදේශයේ වයස අවුරුදු 12ක මන්ද මානසික දැරියක් අපයෝජනයට ලක්කළ පොහොට්ටු පක්ෂයේ තනමල්විල මන්ත්රීවරයා තවමන් නිදැල්ලේ පසුවන බවත් ඔහුව බේරා ගැනීමට ඉහළ දේශපාලන අතපෙවීමක් තිබෙව බවත් එම ප්රදේශයේ ජනතාව චෝදනා කරති.
අපයෝජනයට ලක් වු දැරිය මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර ප්රදේශවාසීන් චෝදනා කරන්නේ සැකකරුවන්ට එරෙහිව නිසිලෙස නීතිය ක්රියාත්මක නොවන බවයි.
දින ගනණාවක් අවස්ථා කිහිපයකදි දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර පොහොට්ටු පක්ෂයේ ප්රාදේශීය සභා මන්ත්රීවරයා ඇතුළු ප්රදේශයේ 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා සම්බන්ධ වී ඇතැයිද ඉන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පවසයි.
දේශපාලන අතපෙවීම් මත මන්ත්රීවරයා අත්අඩංගුවට නොගන්නා බවටද ප්රදේශවාසීහු චෝදනා කරති.
Views: 0










