කොරෝනා ආසාදනය වී සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට

කොරෝනා ආසාදනය වී සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට

කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා ඊයේ (06) රෝහල්ගත කර ඇති අතර මේ වනවිට අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.

අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන බවද වාර්තා වේ.

බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම, අගමැති නියෝගයෙන්, එරට විදේශ කටයුතු ඇමති ඩොමිනික් රබ් වෙත පවරා ඇති අතර අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ වගකීම මේ යටතේ ඔහු වෙත පැවරෙනු ඇත.

අගමැතිවරයාගේ තත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේද දැඩි අවධානය යොමුව ඇති අතර සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරන්නේ ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි.

Facebook
Twitter
LinkedIn