කොළඹ, යාපනේ ඇතුළු දිස්ත්‍රික්ක 06ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදාට තාවකාලිකව ඉවත්කරයි

කොළඹ, යාපනේ ඇතුළු දිස්ත්‍රික්ක 06ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදාට තාවකාලිකව ඉවත්කරයි

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව බලපැවැත්වෙන බවත් සෙසු දිස්ත්‍රික්ක 19හි ඇඳිරි නීතිය එළැඹෙන අප්‍රේල් 06 වන සඳුදා උදෑසන 06.00ට ඉවත්කර යළි එදිනම පස්වරු 2.00ට යළි ඇඳිරිනීතිය පනවන බවත් රජය නිවේදනය කරයි.

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ඊයේ උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා ගතවූ කාලය තුළ පමණක් පුද්ගලයින් 1,735 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 443කි.

Facebook
Twitter
LinkedIn