එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුව අතර විශේෂ සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
එම සාකච්චාව සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්සත් ජාතික පක්ෂය උප නායක රවී කරුණානායක, හිටපු අමාත්‍ය දයා ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්වී ඇත.
පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී කොරෝනා වෛරසය පාලනය සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රසාදය ආණ්ඩුවට පලකර තිබේ.
එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුව අතර පැවති මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංස, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටක් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ද එජාපය නියෝජනය කරමින් අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයා ගමගේ, පාලිත රංගෙබණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජයමාන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්වී තිබේ.
ඊට අමතරව ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල, මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් යන මහත්වරුද එක්වී සිට ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්ද නිකුත් කර තිබේ.











