ලංකා ඉතිහාසයේ රුපියලක් සඳහා වූ අවම වටිනාකම පසුගියදා වාර්තා වී තිබේ. එය ඩොලරයට සාපේක්ෂව රුපියල් 135 දක්වා පහත වැටී ඇති අතර එය ලංකා ඉතිහාසයේ රුපියලක අවම වටිනාකම ලෙස වාර්තා වේ.
2009 වසරේ සිට රුපියල අවප්‍රමාණය වූ අතර මහ බැංකුව විසින් පසුගිය කාලයේ රුපියල පාවෙන්නට හැරීමත් සමග එය දැඩි ලෙස කඩා වැටුනි. මේ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස විදෙස් ආයෝජකයන් විසින් ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ආයෝජනය කර තිබූ මුදල් ඉවත් කරගැනීම බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2012 වසරේ රුපියල සියයට 10කින් පමණ අවප්‍රමාණය වූ අතර මේ වසරේ මුල් කාලය තුල සියයට 5කින් පමණ අව ප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.
Views: 0









