හිරේ ඉන්න මන්ත්‍රී ගැන කියා මන්ත්‍රී ගුටිකයි

එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය හිමි රඹුක්කන ප්‍රාදේශීය සභාවේ උප සභාපති උදය තිලකරත්න මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ටී. බී. තෙන්නකෝන් මහතාට පහරදී ඇතැයි වාර්තාවේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ මේ වනවිට සිරගතව සිටින එම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට සභාව විසින් මන්ත්‍රී වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදීය.

සන්දාන මන්ත්‍රීවරයා සිරගතව ඇත්තේ කාන්තාවකට ඇසිටි ගැසීමේ චෝදනාවට අධිකරණ‍ය ඉදිරියේ වැරදිකරු වීමෙනි.

Facebook
Twitter
LinkedIn