නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්

ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි නුවරඑළිය නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනවිරත්න මහතා ලබන සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිනි.

සැකකරු අද (26) පෙරවරුවේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වී ඇති අතර එහිදී මහේස්ත්‍රාත් ඒ. ජී. සම්පත් හේවාවසම් මහතා ඔහුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර මෙම නියෝග කර තිබේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් සැකකරුට එරෙහිව නඩු පවරා තිබූ අතර, සැකකරු විසින් අපයෝජනයට ලක් කළ බව කියන පිරිමි ළමුන් පස් දෙනෙකු ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Facebook
Twitter
LinkedIn