කොලොම්බියාවේ ඊසාන දිග ප්රදේශයේ අරවුකා ආසන්නයේදී එල්ලවූ ෆාර්ක් ගරිල්ලා ප්රහාරයකින් පසු සාකච්ඡා මේසයෙන් නැගිට ගිය ආන්ඩුවේ පාර්ශවය නැවත සාකච්ඡා මේසයට පැමිණීමට තීරණය කල බව කොලොම්බියා රජයේ ප්රධාන සාකච්ඡාකරු වන හම්බෙන්ටෝ ඩී ලා කෝල් පවසයි.
ගරිල්ලා ප්රහාරයෙන් හමුදා සෙබලුන් 13ක් මරුමුවට පත්වී ඇති අතර පසුගිය මාසයේදී මෙම ප්රදේශයේදීම එල්ල වූ ගරිල්ලා ප්රහාරයකින් හමුදා සෙබලුන් 15ක් මරුමුවට පත්විය.
වාමාංශික ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියානු රජය අතර දශක 5ක් පුරා ඇවිලුනු යුද්ධයට සාමකාමි විසදුමක් සෙවීමේ අරමුණින් කියුබාවේ හවානා නගරයේදී දෙපාර්ශවය අතර සාකච්ඡා වටයක් පසුගිය දෙසැම්බර් මාසයේ සිට පැවැත්වෙන අතර සාකච්ඡා කාල සීමාව තුළ සටන් විරාමයකට ගරිල්ලා සංවිධානය යෝජනාවක් සිදු කලද කොලොම්බියානු රජය විසින් එය ප්රතික්ෂේප කරන ලදි.
ආශ්රිත පුවත්
ගරිල්ලා ප්රහාරයෙන් සෙබළුන් 17ක් මරුට









