ආණ්ඩුවේ මැතිවරණ වැඩ සදහා දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිළධාරීන් හයදෙනෙකු (06) ලබන සදුදා දින සිට උතුරු පළාත වෙත යැවීමට සමෘද්ධි අධිකාරිය කටයුතු සුදානම් කර ඇත.
සමෘද්ධි නිළධාරීන් හා සමෘද්ධි කළමණාකරුවන් මැතිවරණ වැඩට මෙහෙය වීම හා සමෘද්ධි ලාභීන් බිය වද්දා ආණ්ඩුවට ඡන්දය ලබා ගැනීම මෙම මෙහෙයුමට පැවරී ඇති මුලික කාර්ය්ය භාරය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගීන් ලංකාටෘත් වෙත වාර්ථා වේ.
“සමෘද්ධි බැංකු වැඩසටහන් කියාත්මක කිරීම” යැයි පවසමින් මෙම නිළධාරීන් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන දිස්තික්ක සදහා යැවීමට කටයුතු යොදා ඇත.
මෙහි ඉන්ධන හා නවාතැන් පහසුකම් සදහා සියලු වියදම් සමෘද්ධි බැංකු මුල්‍යම අංශයේ ඇති සමෘද්ධි ලාභීන් සතු අනිවාර්ය ඉතිරිකිරීම් මුදල්වල ලාභාංශ මුදලින් රුපියල් එක්ලක්ෂ අසූ දාහක් (රු.180,000) පසුගිය 22 අත්තිකාරම් වශයෙන් ලබා දී ඇත. ඒ සදහා 2013. 08. 22 දිනැති නියෝජ්‍ය අධ්යක්ෂ එස්. ඒ. එස්. වික්‍රමසිංහ යන අයගේ අත්සනින් යුතු වියදම් වාර්ථාව සමෘද්ධි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආර්. පී. බී. තිලකසිරි යන අයගේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව
01. යාපනය දිස්ත්‍රික්කය සදහා රත්නපුර දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිළධාරී ඊ. වී. යු. පුෂ්පකුමාර හා 253-6269 දරණ මෝටර් රථයද,
02. කිලිනොච්චි දිස්ත්‍රික්කය සදහා බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිළධාරී කේ. කේ. වසන්ත හා 252-5647 දරණ මෝටර් රථයද,
03. මුලතිව් දිස්ත්‍රික්කය සදහා තිකුණාමලය දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිළධාරී එම්. ජී. එස්. එස්. කිත්සිරි හා 58-7948 දරණ මෝටර් රථයද,
04. මන්නාරම දිස්ත්‍රික්කය සදහා අම්පාර දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිළධාරී අයි. අලියර් හා 58-7947 දරණ මෝටර් රථයද,
05. වව්නියාව දිස්ත්‍රික්කය සදහා අම්පාර දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිළධාරී අයි. අලියර් හා 58-7947 දරණ මෝටර් රථයද,
06. කලුතර දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධීකරණ නිළධාරී ටී. මහේෂ් නාමල් ඔහුට වෙන් කරන ලද මෝටර් රථයට ඉන්ධන සදහා අනුමැතිය ලබා දී ඇත.









