LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මියට පෙන්වීම සඳහා ආණ්ඩුව යුහුසුලව ක්‍රියාත්ම වෙමින් තිබේ. මෙහි ආසන්නතම පියවර වන්නේ පසුගිය 16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉවත් කර ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශයක් පිහිටුවා ඒ යටතට පත් කරන ලදී.
කෙසේ වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතාය.
ආරක්ෂක අමාත්‍යංශය පැවතියේද ජනාධිපතිවරයා යටතේ වන අතර නව අමාත්‍යංශයද ඔහු යටතේම පවතී. කලින් ලේකම් වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර නව නීතිය හා සාමය අමාත්‍යංශයේද ලේකම්වරයා හමුදා ජෙනරාල්වරයෙකි. මේ තත්ත්වය තුල අමාත්‍යංශයක් යටතට පොලීසිය පත් කිරීම විහිළුවක් වනු ඇති බව විචාරකයින්ගේ අදහසයි.









