බෝවතැන්න ජල විදුලි බලාගාරය පෙරේදා (20) සිට ක්‍රියා විරහිත කොට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙය මෙගාවොට් 40ක විදුලිය උත්පාදන ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාරයකි.
වාර්ෂික නඩත්තු කටයුතු ආරම්භ කිරීමට මෙහි විදුලි උත්පාදනය නවතා දැමූ බව විදුලි බල මණ්ඩලය පවසයි.
මෙවැනි නඩත්තු කටයුතු යැයි කියමින් මීට මාස දෙකකට පමණ පෙරද විදුලි බලාගාර කිහිපයකම විදුලි උත්පාදනය නවතා දැමිණි. මේ වනවිට ගල්අඟුරු විදුලි බලාගාරයද මාස තුනකට අක්‍රීය කර තිබේ.
Views: 0









