කඩදාසි කම්හලේ ගින්නක්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.

කඩදාසි කම්හලේ අබලි ද්‍රව්‍ය ගබඩාකර තිබෙන කොටසේ මෙම ගින්න හටගෙන ඇතිබවත් මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවත් පැවසේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පසුගිය සමයේ මෙවැනි ගිනිගැනීම් රැසක්ම සිදුවිය.

විශේෂයෙන් කොළඹ කච්චේරියේ ගින්න, වරායේ ගුදමේ ගින්න, සතොස ගින්න, කොළඹ මහ නගරසභාවේ ගින්න මේ අතර ප්‍රධාන තැනක් ගනී.

Facebook
Twitter
LinkedIn