තමන්ව ඒකාධිපතියෙක් ලෙස හඳුන්වන්නේ ඇයි දැයි තමන් නොදන්නා බවත් තමා ඒකාධිපතියෙකු නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඒ මහතා මේ බව ප්රකාශ කොට ඇත්තේ ගම්පොල පැවති මැතිවරණ ප්රචාරක රැලියකදීය.
රටේ ජනාධිපතිවරයාට එසේ කතා කිරීමට හැකියාව තිබීම තුළම රටේ ප්රජාතන්ත්රවාදය පැහැදිලි වන බවත් රටේ ජනතාවට කතා කිරීමේ නිදහස ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. තමන් ඡන්ද පවත්වන්නේ රටේ ජනතාවට ප්රජාතන්ත්රවාදය ලබා දීමට බවත් එබැවින් තමන් ඒකාධිපතියෙකු යැයි පැවසීම අසාධාරණ බවත් ජනාධිපති වරයා ප්රකාශ කොට තිබේ.
කතා කිරීමේ නිදහස යනු පුද්ගලයින්ට නිවසේ අදහස් ප්රකාශ කිරීම නොවන බවත් ලෝකයේ කිසිදු ඒකාධිපතියෙකු තමන් ඒකාධිපතියෙකු බව මෙතෙක් ප්රකාශ කර නොමැති බවත් දේශපාලන විචාරකයින්ගේ අදහසයි.
Views: 0









