ශ්‍රී ලංකා තේ අලෙවිය සඳහා යුරෝපීය රටවලින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරීම නිසා යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටී ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වතු සමාගම්වල විධායක නිලධාරීන් කිහිප දෙනෙකු වැඩිදුරටත් කියා සිටියේ යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ සඳහා විශාල ඉල්ලුමක් පැවතුණද එම ඉල්ලුමට අභියෝග කරන අසල්වාසී තේ අපනයනය කරන රටක් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතු වී කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවය.
උඩරට තේ වතුවල සේවය කරන වතු කම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහළ නැංවීමට සහ වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමට කටයුතු නොකරන බවට ඔවුන් කරන බොරු ප්‍රචාර මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලාවලින් එම රටවල ප්‍රසිද්ධියට පත්කර ඇති නිසා ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ අදාළ ජාත්‍යන්තර ප්‍රමිති සහතික තාවකාලිකව එම රටවල අත්හිටුවා අති බවද ඔවූහු ප්‍රකාශ කරති. තවද ඇමරිකාව විසින් ඉරානයට ශ්‍රී ලංකාවේ තේ අපනයනය නොකරති.
උඩරට සහ පහතරට නිෂ්පාදිත තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමේදී සෑම වෙන්දේසියකම 30%ක තේ ප්‍රමාණයක් අලෙවි නොවී ඉතිරි වෙන්නේ ඉරානයට පනවා ඇති සම්බන්ධක නිසාය. පවත්නා තත්වය මත ශ්‍රී ලංකාවේ තේ කිලෝවක් සඳහා රුපියල් 400ත් 500ත් අතර මුදලක වෙන්දේසියක් ලැබෙන බවත් එම මුදල තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැයට වඩා අඩු නිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බැව් විධායක නිලධාරීහු කියා සිටිති.
මේ තත්වය අඛණ්ඩව මෙසේ පැවතියහොත් තේ වතු සමාගම් දැඩි මූල්‍ය අර්බුදයක් හමුවේ පවත්වාගෙන යන නිසා ඉදිරියේදී වතු කම්කරුවන්ට වැටුප් ගෙවීමටද නොහැකි වීමේ අවදානමක් මතුව ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් පවසති.
නිමල් බණ්ඩාර හේරත් – රාවය
(ලංකාටෘත් සටහන) මෙවර ජනාධිපතිවරණයේදීද වතු කම්කරුවන් ආශ්‍රිතව ගොඩනගා ඇති දේශපාලන පක්ෂ සිය මැතිවරණ කොන්දේසි ලෙස සුපුරුදු පරිදි එම කරුණු ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් තිබෙව බව ඊයේ (30) ලංකා කම්කරු කොන්ග්‍රසයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීද අනාවරණය විය.
කෙසේ නමුත් රටේ අපනයන ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට අවශය පහසුකම් දියුණු කර දීමේ වගකීම ආණ්ඩුව සතුවන අතර ඒ සඳහා ආණ්ඩුව සෘජුවම මැදිහත්වියයුතුය. එහෙත් මෙතෙක් පැවති ආණ්ඩු ඡන්දය ලබාගැනීමේ අරමුනෙන් විනා සැබෑ ලෙස එම ප්‍රශ්න කෙරෙහි මැදිහත්වනු මෙතෙක් නිරීක්ෂණය නොවේ.










