2016 වසර හා සැසඳීමේදී 2017 දී රට තුළට ගලා එනු ලැබූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 23%කින් අඩු වී තිබේ.
2016දී රට තුළට ගලා ආ ගෝලීය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.87ක් වූ අතර 2017දී එම අගය 1.43ක් විය. වෙනත් රටක ආයෝජනයක් සමග ඒකාබද්ධ වීම හා අත්පත් කර ගැනීම් 22%කින් අඩුවීම මීට හේතු වූ බව ආයෝජන මණ්ඩලය කියයි.
කෙසේ වෙතත් සංවර්ධනය වන ආසියාතික රටවල් කරා ගලා ගිය සෘජු විදේශ ආයෝජන 2017 වසරේදී ස්ථාවරව පැවතිනි.
එමෙන්ම 2017 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටතට ගලාගිය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1430ක් දක්වා 2.9%කින් ඉහළ ගොස් තිබේ.
කෝසල කුරුවිට බණ්ඩාර – රාවය
Views: 0










